Bagerius ( බගෙරියස් කැට් ෆිශ්) kali devil
අද ඔයලට මෙ පොස්ට් එකෙන් ගෙන්නෙ ලොව පුරා ඉතාමත් සුප්‍රසිද්ධ සහ මොන්ස්ටර් කාන්ඩයෙ නැතුවම බැරි පට්ටම සහ මොන්ස්ටර් ලෝලින් අතර ඉතාමත් ජනප්‍රිය කැට් ෆිශ් වර්ගයක් ගැන.
එනම් බගරියස් කැට් ෆිශ් වර්ග වේ.
මෙම ගණයට අයත් කැට් ෆිශ් වර්ග හයක් දැනට ලෝකයෙ සත්ව සහ ජීවවිද්‍යාඥයින් විසින් හොයගෙන තියෙව .
එනම්
Bagarius bagarius
Bagarius yarelli
Bagarius lica
Bagarius suchu
Bagarius rutilu
Bagarius sp salween
විශෙයක් වන්නෙ මෙයලගෙන් වර්ග කීපයක්ම දැනට ලන්කවෙ මොන්ස්ටර් ලෝලින් අතර ජනප්‍රිය වන අතර සහ ඔවුන් ලග මෙම මත්ස්‍ය වර්ගයෙන් විශේෂ කීපයක් දකනට ලැබෙ.
අපි මෙයලගෙ වර්ග දෙකක කට මුල් තැන දෙන්න කියලකල්පනා කලා මොකද මෙ වර්ග දෙකතම බහුලවම මින් මැදුරුවල ඇතිකිරිමට සහ ගෘහස්ත්ව ඇති කිරිමට යොදා ගන්නෙ, සහ තවත් කාරනයක් වන්නෙ මෙ මම කතා කරන්න යන වර්ග දෙක හදුනාගැනිමෙ අපහසුවක් තියෙන්ව මොකද මෙ දෙන්නම කුඩා කාලයෙ පැටව් කාලයෙ මෙ වර්ග දෙකම එක හා සමානයි වෙනස් කමක් හොයගන්න ගොඩක් අමරුයි , සහ ගොඩක් මොන්ස්ටර් පිස්සන් මොන්ස්ටර් ලොලින් ඉතාමත් ආසයි මෙ කැට් ෆිශ් විෂෙශයට ඉතින් එ හේතු කාරනා කීපය මත මෙ පොස්ට් එක ඔයාලට ගෙනව.
ඉතින් අපි වැඩි විස්තර කීරීම් වලට යන්නෙනැතුව මතෘකාවට ප්ලග් වෙමු
පලවෙනියටම අපි කතා කරමු bagerius yarelli
Gaint devil කැට් ෆිශ් නොහොත් ගෝන්ච් කැට් ෆිශ් ( ,painted cat fish)
Kingdom - Animalia
Phylum - Chordata
Class - Actinopterygii
Order - Silvriformes
Family - Sisoridae
Genus - Bagarius
මොවුන් විශාල වශයෙන් දකින්නට ලැබෙන්නෙ දකුනු ආසියාවෙ සහ අග්නිදිග ආසියාවෙ සුමාත්‍රා බොනියෝ දූපත් ආස්‍රිත ඉතාමත් වේගවත් ජල පහරවල් අසලය .
මීට අමතරව මොවුන් කාම්බොජය තායිලන්තය මියන් මාරය යන රටවල් වල වාර්තා වෙල ඇත .
විශෙසයෙන්ම .මෙයලගෙ මව් සතුන් හා පරිණත සතුන් පට්ටම කැමති ඔය වේගවත් ජල පාරවල් යට ජීවත් වෙන්න කිසි සේත්ම මෙයල කුඩා දියකඩිති අස්සටනම් එන්නෙම නැ එකට හේතු ගොඩක් තියෙන්ව අපි එටික ඉස්සරහට කතා කරමු
මෙයලගෙ පෙනුම එකිව්වෙ ලුක් එක මොන වගෙද . කෙටියෙන් කියන්න්ම්කො man සයිස් predator කෙනෙක් එකියන්නෙ මෙයලගෙ උපරිම සයිස් එක අඩි හයක් සෙල්ලම්ද ?නැනෙ බර රාත්තල් 200ක් වගෙ ඔයලම හිතා ගන්නකො කොහොමද ඩයල් එක කියල
සහ මෙයලගෙ තව විශෙශ කරුනක් වන්නෙ මොවුනෙග් ශරිරයෙ හිසෙහි උඩු පැත්තෙ කෙරටීනමය ස්තරයක් පිහිටීමයි.
මෙමගින් මොවුන්ගෙ හිස්කබලට පට්ටම අරක්ශාවක් ලැබෙ හෙල්මට් දැම්ම වගෙ තමා සහ .
මෙය කෙරටිනමය නිසා යම් කිසිහානියක් උවද එය ඉක්මමටම වර්ධනය වේ.
සහ තව විශේෂ කරුනක් වෙන්නෙ මෙයලගෙ හකු පාඩා සහ මුඛය සහ මෙයලග දත් පිහිටීම.
හොද පරිනත තරුන මැදි වයසෙ සතෙක් ගෙ දත් පිහිටීම ගැන පොඩ්ඩ්ක් බලමු කෙටියෙන් කියන්නම්, හිතාගන්න සයිස් එක .මෙයගෙ ඔලුවට වගෙ එකිව්වෙ ඔලුවෙ සයිස් ගොදුර මෙයට කිසිම ගින්නක් නැතුව ගිලින්න පුලුවම් සහ මෙයගෙ කටඇතුලතඇද ගැනිමෙ වේගය ඉතාමත් වැඩි
මොවුන්ගෙ ආහාර ක්‍රියාවලිය ගත් විට මොවුන් අනිවර්‍ය මංශභක්ශකයින් වේ උභය ජීවින් සමහර උරග විශේෂ (සර්පයයින්) ක්‍රශ්ටේශියාවන්( කකුලුවන් ඉස්සන් ) සහ මද්‍යම ප්‍රමාණයෙ ක්ශීරපායින් ද ආහරයට ගනි.
සාමන්‍යෙන් මෙයලගෙ හැසිරීම කොහොමද ඉන්නවිදිය? සෙට් එකක් විදියට තම ඉන්නෙ එකියන්නෙ කල්ලියක් විදියට. සාමන්‍යෙන් හයක් හත හො අට නවයක් වගෙ එක සෙට් එක්ක ඉන්න්ව සහ මෙයලගෙ ගොදුරු දඩයන් කිරිමි හැකියව සුපිරි. ඉතාම වෙගයෙන් ගොදුර පසු පසහඹා ගොස් දඩයම් කිරිමී තම මෙයලගෙ සිද්දිය සෙල්ලම් යාලුවෙක් නම් නෙවෙ ඉතින්
අපි මෙයලව අල්ලනව කියමුකො සාමන්‍ය බිලි පිත්තක් කින් ඔය කේස් එක ෆයිල් කරන් න නම් බැහැ . සාමන්‍ය බිලි පිත්තක් දාල ඒකට අහුවුනා කියමුකො මෙයල පුලුවම් තරම් එක එක්ක පොර බදනව කොච්චර ශක්තිමත් ද ප්‍රබලද කියනවනම් මෙයල බිලි පිත්තකට අහුවෙල ඉන්නකොට එකත් රැගෙන ඇදගෙන කාගෙන පුලුවම් තරම් පතුලට ගිහින් විශාල වල් පර්වත යට හැන්වෙන්ව සෙල්ලම් පොරක් නම් නෙවෙ පුතෙ තව ඉස්සරහට එක සනාත කරන්නම්කො
අපි පොඩ්ඩක් බලමු මෙයලගෙ වර්ගයා බෝ කිරිම ගැන,මොවුන්ගෙ අභිජනන ක්‍රියාවලිය ගත් විට සාමන්‍යෙන් මෙයලගෙ අභිජනන කටයුතු වලට සෘජුවම බලපාන කරුනු කීපයක් තියෙන්ව
1 දේශ ගුනය
2බාහිර පරිසර උශ්නත්වය සහ ජලයෙ උශ්නත්වය
3වතුරෙ කොලිටි එක
4 මලුවාගෙ පරිණත භාවය
සාමන්‍ය වශයෙන් මෙයලගෙ පිරිමි සහ ගැහැනු සතුන් වෙන් කරගැනිමෙදි පිරිමි සතාගෙ ලිංගික අවයවය තන පුඩුවක ආකාරයක් දිස් වෙ සහ ගැහැ නු සතාගෙ රවුම් ඔවලා කාර් විවරයක් තිබෙ
මොවුන්ගෙ ප්‍රජනන කාලය සහ ප්‍රජනන කාලයෙදි සතුන්ගෙ වයස් සීමාවන් ගත් විට සාමන්‍ය පරිනත සහ ප්‍රජනන ක්‍රියාව සදහා සුදුසු සතකෙ වනුයෙ අවුරුදු දෙක ඉක්මවු සතුන්ය .
මොවුන්ගෙ අභිජනන කාල සීමාව වනුයෙ මාර්තු සිට ජුනි දක්වාය එනම් අභිජනන කටයුතු සිදුවී බිත්තර මෙරිම සහ පැටවුන් එලියට පැමිනීම මෙම කාල සීමාවතුලදී සිදුවේ .
මෙයලගෙ අභිජනන ක්‍රියාවලියට අනිවර්‍යෙන්ම අත්‍යවශ්‍ය සාදක මම උඩ සදහන් කරල තියෙන්ව එම සාදක අවශ්‍ය ප්‍රමානයෙන් නියමිත ප්‍රමානයෙන් ලැබුනොත් අවුරුද්දෙ පෙබරවාරි මාසයෙන් මොවුන් අභිජනන ක්‍රියාවලිය පටන් ගන්න අතර මාර්තු අග අප්‍රේල් වගෙ වෙනකොට සම්පූර්න ක්‍රියාවලියම අවසන්වෙන්න්
සමාන්‍යෙන් මොවුන් ගෙ අභිජනන සාර්තකත්වය 10:1ක් වේ. එමනිස මොවුන් සොයා ගැනිම ඉතාමත් අපහසු තත්වයක් වෙ එවගෙම මෙයල රතු දත්ත පොතට ඇතුලත් ජීවීන් කාණ්ඩයක් වෙ.
මෙයාල සාමන්‍යෙන් සෙට්වෙන්නෙ එකියන්නෙ අපේ භශාවෙන් පෙයර් අවුට් (සීන් එකට එන්නෙ )වෙන්නෙ එකියන්නෙ අභිජනන ක්‍රියාවලියෙ යෙදෙන්නෙ පිරිමි සතුන් එකකට ගැහැනු සතුන් තුන බැගින් වේ
ගොඩක් අය ආහනව සහ ආසයි මොවුන් මින්මැදුරක හෝ ගෙවල් වල මාලුටැන්කි වල හදන්න පුලිවම්ද කියල ඔව් අනිවර්‍යෙන්ම පුලුවම් දැනටමත් ලන්කාවෙ මෙයල හදන අය ඉන්න්ව. හැබයි සැලකිය යුතු සාදක කීපයක් තියෙන්ව
1 මෙයාලට හොද ෆිල්ටර් සිස්ටම් එකක් සමග හොද ඔක්සිජන් සැපයුමක් අවශ්‍යයි
ඇයි එ? මොකටද? ඔය රෙඩ් ටේල් කැට් ෆිශ් ල එහෙම ඔන ජරවක ඉන්නෙ ඉතින් ඇයි මෙයලට බැරි ,ඔහොම හිතෙන්නත් පුලුවම් සමහර අයට.
මම මුලින්ම සදහන් කලා මෙයල ඉන්නෙඉතාමත් සැඩ පහර වැඩි විශාල ජල පහරවල් යට එතකොට මෙයලට හොද ඔක්සිජන් සැපයුමක් ලැබෙනවා සහ අනික් එක තමා මෙයලගෙ ඔය පිට කබොල්ල තුවාල උනාම ඉක්මනටම හොද වෙන්න හේතුව තමා ජල මාරුව මෙයලා නිතරම ඉන්නෙ ගලා යන ජලයෙ එකම ජලයෙ ඉන්නෙ නෑ විනාඩියක් තියා තප්පරයක් වත් .එකෙන් තුවල ඉක්මනටම හොද වෙනව
මෙයලගෙ මම කිව්වනැති විශේෂයක් තියෙන්ව මෙයලග්ගෙ ඇගෙන් විශෙශ හෝමොනයක් ශ්‍රාවය වෙන්ව එමගින් මෙයගෙ හම සහ පිට කබොල්ල වර්ධනය වීම අඩාල කරනව සීමා කරනව. ඉතින් මෙම හේතුව නිසා තම මෙයල ඉතාමට් සැඩ පහර වැඩි ජලාශ තුල සිටින්නෙ. එනම් නිතරම මෙයාවෙ පිට සම සේදෙමින් යා යුතුයි .
සහ මින් මැදුරු තුල ඇති කරන විට 50% -70% ජලය මාරු කිරිමක් යෝජනා කරන්නෙ ඒක නිසා
හරි අපි කියමු මෙයල ගෙවල් වල හදනකොට හරි ආකාරව වතුර මාරු කිරීම් කරෙ නෑ කියල එතකොට මෙයල අර ස්‍රාවය කරන හෝමොනයක එ වතුරෙම තියෙන්ව එකියන්නෙ නිතරම හමෙ දැවෙටිමෙන් තියෙන්නෙ එතකොට අර මම කලින් කිව්ව සීන් එක වෙනවනෙ එකිව්වෙ පිට හමෙ වර්දනට අඩාල වෙනවන්ව්,බාල වෙන්ව එහෙමයි. කියල ඔක බලපාන්නෙ නෑ ශරීරයෙ අභ්‍යන්තර අවයව වලට. එව සාමන්‍ය විදියට වර්ධනය වෙන්ව නමුත් හම වර්දනය වෙල නෑ ,සතා මැරෙනව ලොවෙත් මම දන්න තරමින් ගොඩක් සත්තුමැරෙන්නෙ එක නිසා මම කියන්නෙ මෙ බගේරියස් ල .
2 මෙයලට අනිවර්‍යෙන්ම වතුර මාරුකිරිම වෙන්න ඔනෙ. මේක තියෙන ජල පරිමාවෙන් සියයය්ට හැත්තැවක් පනහක් අතර විය යුතුය .එයට හෙතුවද අරමම උඩින් සදහන් කරපු කරුනයි
3 ඉඩ ප්‍රමානය
මම කිව්ව මෙයල Man size fish කෙනෙක් ,ඇත්තටම කිව්වොත් මෙයල අඩි 6ක් වගෙ හැදෙන්වඒත් ඇක්වේරියම් තුල එච්චර ප්‍රමානයක් වර්දනය වෙන්නෙ නැහැ එත් සාමන්‍ය වර්දනයක් බලපොරොත්තු වෙන්න පුලුවම් සහ මූලිකකරුනක් වන්නෙ මෙයලගෙ ශක්තිමත් භවයෙ එමනිසා ටැන්කි වලට භවිතා කරන වීදුරු වල ඝනත්වය , එ ගැන දෙපාරක් හිතන්නම වෙනවා
මෙයල පැට්ව් කාලෙ සිට අපි අවශ්‍ය සාධක එකිව්වෙ මම උඩින්ම සදහන් කලෙ වතුරෙ කොලිටිය උශ්නත්වය ,rain fall , එක එවා නියමිත ආකාරයට පැට්ව් කාලෙම දුන්නොත් මෙයල වයස අවුරුද්දකින් අභිජනන ක්‍රියවලිය සදහ යොදන්න පුලුවම් එක විශෙශයි
4 තව එකක් මෙයලට හදිසියෙ තුවලයක්වගෙ සිද්ද උනොත් ප්‍රතිකාර කිරිම හරියටම නිවැරදියව නිවැරදි වතුර තත්වයන් යටතෙ කරන්න ඔනෙ නැතම් තුවාල හොද වෙන්න යතා තත්වෙට පත් වෙන්න සැහෙන්න කාලයක් යනව ,සතා මැරෙන්න උනත් පුලුවම්
මෙයල අල්ලන්නෙ කොහොමද සහ මසට ගන්නවද
සමන්‍යෙන් මෙයල අල්ලනව කියන්නෙ ලේසි වැඩක් නෙවෙ සහ මෙයල අල්ලන්න වෙනම බිලි පිති හදනව සාමන්‍යෙන් උස අඩි අටකට වැඩි උන බම්බු වලින් තම මෙව හදන්නෙ
ඇම විදිහට ලූලන් සහ ඉබි බිත්තර යොදාගන්නව
සහ තව ක්‍ර්ම්මයක් වන්නෙ දැල් ක්‍රමය seine nets,pull nets ඔවගෙනුත්මෙයල අල්ලනව
මෙයල දඩයම් කරන්න ධීවරයන් යන්නෙ සමන්‍යෙන් රෑ 11:00 විතර 11:00 සිට පාන්දර හතර දක්වාත් උදේ 11:00 සිට හවසහටර දක්වාට් කාල සීමවන් වල මොවුන්ව අල්ලව සමහරුරාත්‍රී කාලයෙ 11:00 සිට පහුවදා හවස් වෙනකන් එක දිගට මොවුන්ම දඩයම් කරනව
මොවුන්ව මසට ගන්න්වද ?
අපි මේ හුරතලෙට ටැන්කි වල දාල මෙයල ඇති කරාට එ රටවල්වල අවුලක්ම නැතුවන්කෑමට ගන්නව
සාමන්‍යෙන් රෑ 11:00 -4:00 දක්ව අල්ලන මාලු එදිනම රෑ විකුනල අවසන් කරනව
විශෙශයක් වන්නෙ මෙයලගෙ පේශි සැකැස්ම කෙදිස්භවයක් ගන්නව එක නිස ඉක්මනටම නරක් වෙන්න බලනව එක නිස එදිනම අල්ල එදිනම විකිනීමක් තමයි මෙතන වෙන්නෙ
*මෙයල මිනිසුන්ට පහරදිම් වාර්තා වෙන්වද මෙයල man eaters ලද ?*
මේක තමා හොදම හරිය
මෙ ගැන සදහන් කරොත් ඉතමත් ලොකු ඉතිහාසයකට අපිට යන්න වෙනව.
ඔයල මෙ මත්සය්න් ගැන හොයල තියෙන්වනම් ඉතාමත් විශේශ කරුනක් තමා ගෝන්ච් ප්‍රහාරය .
එනම් ඉන්දියාවෙ සහ නේපාලයෙ කාලි ගං ඉවුරෙ දිය මතු පිටට පැමිනෙන අමුතු සතෙක් මිනිසුන් ව ඩැහැ ගෙන ජලය තුලට යන කතාව. මේක විශ්වාසකරන්න බැරිඋනත් සිරාම කතාවක් තහවුරු වෙලත් තියෙන්ව
මෙක ඇත්ත වශ්‍යයෙන්ම සිදු වූ දෙයක් 1998-2007 යන කාල පරාසය ඇතුලත. දිගින් දිගටම මෙම පහර දීම් අතුරුදන් විම් කේස් සෙට් එකක් ම ෆයිල් වෙලා තියෙන්ව
පලමු මිනිස් ප්‍රහාරය වාර්ථා වෙන්නෙ 1998 ඉන්දියාවේ දාහත් හැවරිදි දිල් බහදුර් නැමැති කොල්ලෙක් ට .
මෙය සිද්ද වෙන්නෙ මොහු මොහුගෙ පෙම්වතිය සමග ගගෙ නැමට යාමෙදීය,
පෙම් වතිය ඇස් දෙකෙන් ම මෙම ප්‍රහාරය දැකල තියෙන්ව. දිය මතු පිටට පැමිනෙන අමුතු සතෙක් මොහුව ඩැහැගෙන යන ආකරය,
කොහොමින්නමුත් ඉන්දියන් පොලිසිය සහ කිමිදුම් කරුවන් එ අවට කිලොමීටර පහක වපසැරියක් සෝදිසි මෙහෙයුම් දියත් කලත් මොහුගෙ කිසිම හෝඩුවාවක් හම්බවෙන්නෙ නැත. එකම සාක්ශිය වන්නෙ ඔහුගෙ පෙම්වතියගෙ ඇහෙන් දුටු සාක්ශිය පමනි.
මෙතැන් පටන් 2007 දක්ව වරින් වර මෙම ප්‍රහාර වර්තා වෙල තියෙන අතර.
මෙම ඛේදවාචකයෙ අවසානය සදහන් වෙන්නෙ 2007 නේපල් තරුනයෙකුටත් මෙම සිදුවීමම සිදුවීමෙන් ය. දුටුවන් පවසන පවසන ආකාරයට මඩපැහැති ඌරක් වැනී සතෙක් දිය මතු පිටට පැමින මොහුව ඩැහැගෙන් ගියා කියන එක තම ඔවුන් පවසන්නෙ.
සහ තව මෙවැනි දෙයක් වාර්තා වෙන්ව ඒත් ඉන්දියවෙ ඔය ප්‍රදේශ වලට ආසන්නයෙම සාමන්‍ය මී හරක් අතුරු දහන් වීමක්, සහ මොවුන්ගෙ ශරීර කොටස් ජලය යට තිබිල හොගෙන තියෙන්ව
ඉන්දියවෙ වනජීවී නිලදාරින් පවසන ආකාරයට එම ප්‍රදෙශයෙ කිසිම අවස්තාවක කිබුලන් ගැවසෙන ප්‍රදෙශයක් නොවන ,බවත් එම ගග තුලට ගන් මෝයක් තිබ්බත් එ හරහ කරදිය කිබුලන් වත් ගග ඇතුලට මෙච්චර දුරක් නොපැමිනිය හැකි බවත් වාර්තා කරල තියෙන්ව.
විශෙශයෙන් මොරුන් සිටිනවනම් එයද විය නොහැක්කක් බව පරික්ශන වලි සදහන් වෙන්ව.
අවසනෙදී මෙ ගැන සොදිසි මෙහෙයි කරන විට ඔවුන්ට දැක ගන්න හම්බ්වෙන්ව එම ගන් පතුලෙ හොද පරිනත සහ විශාල ගෝන්ච් කැට් ෆිශ් නොහොත් ජයන්ට් ඩෙවිල් කැට් ෆිශ් රංචුවල් සිටින බව.
සමන්‍ය්ත් හතක් අටක් අතර විශාල පරිණට සතුන් කන්ඩායමක් ඉන්න බවට
මීහර්ක්ට ශොට් එක දුන්න කියන්නෙ මිනිහෙක්ට ශොට් එක දෙන එක නිකන් උට ගේමක් ම නැනෙ
මෙම සතුන් ඇයි මිනිසුන්ට ප්‍රහර එල්ල කරන්නෙ ඇයි මිනිසුන්ව ඩැහැ ගන්න මෙ කතාවෙ පිටිපස්සෙ තියෙන්නෙ මොකක්ද
මෙම ගන් ඉවුරු දෙපස සිටින මිනිසුන් ඔවුන්ගෙ මලගෙයක් වුන විට එම දෙහයන් ඔවුන්ගෙ චරිත්‍ර අනුව ගගට පාකර යැවීමක් සිද්ද කරනව.
එම මල කුනු අහාරයට ගම්න නොයෙකුත් සතුන් පැමිනෙම අතර මෙමම් ගෝන්ච් කැට් ෆිශ් ල විශේෂයි.
ඔව්න් පැමින මෙම මස් කා මිනිස් මසට රස වැටිම නිසා මෙම මිනිසින්ට ප්‍රහර කර මර දමන්න ඇති කියන නිගමනයට එන්න් පුලුවම්.
ඔය ගන්ගව අවට මාලු ඈලිමෙදි අහුවෙන විශාල ප්‍රමානයෙ ගෝන්ච් කැට් ෆිශ් ලගෙ ඇග තුල මිනිස් අස්ති සහ බාහු තිබිල වාර්තා වෙල තියෙනවා.
මෙම ප්‍රහාර වල තවත් එක් පැතිකඩක් වන්නෙ මෙම ප්‍රහර වලදි කිසිම මෘත ශරීරයල් ලැබිල නැහැ. එක විශෙශයක්.
Jermy weide
ජීවවිද්‍යාඥයෙක්,රචකයෙක් සහ රූපවහිනි වැඩසටහන් කරුවෙක් වන ජෙරමි වෙයිඩ් මෙම ගෝන්ච් ඝාතකයා අල්ලන අභියොගය බාරගන්නව .අපි කවුරුත් ආදරය කරන මොන්ස්ටර් කැටගරි එකෙ මාලු හදන සියලු දෙනම මොහුව ඉතාමත් හොදින් දන්න්ව ඉතාමත් දක්ශ මාලු බාන්නෙක්.
පට්ටම වැඩ්ඩෙක් පට්ට මම ආසවෙන් බලන ප්‍රොග්‍රෑම් එකක් රිවර් මොන්ස්ටර් මෙක කියවන හැම එක්කෙනෙක්ම අනිව මෙක බලල ඇති නොඅනුමානයි .
බලල නැත්තම් මොන්ස්ටර් හදන එක නවත්තන්න 😂.... අදම බලන්න සාමන්‍යෙ මාලු පිස්සෙක් මොන්ස්ටර් විශේෂ හදන්න අනිවා ඇබ්බැහි වෙන්ව මේක බැලුවොත්
ඇනිමල් ප්ලැන්ට් නාලිකාවෙ සහ පසු කාලිනව ඩිස්කවරි නාලිකවෙත් මෙයගෙ ප්‍රොග්‍රැම් ගියා දැනටත් නැවත විකාශනයන් යනව
මොහු ඉතාමත් විශාල ප්‍රමානයෙ ගෝන්ච් කැට් ෆිශ් කෙනෙක් නැතහොත් ගෝන්ච් ඝාතයෙක් ව අල්ලනව මොහු දිගින් අඩි පහකට කිට්ටු වන අතර බර රාත්තල් 160කි ( අදාල පින්තූර පල්ලෙහා)
හරි මෙයගෙ සීන් එක මෙතනින් ඉවරයි අපි එහෙමම යමු
Bagerius bagerius
Bagerius bagerius හෙවට් sand shark,darf fish
Kingdom - Animalia
Phylum - Chordata
Class - Actinopterygii
Order - Silvriformes
Family - Sisoridae
Genus - Bagarius
Sp : B bagerius
මේ විශේෂය අවුලක්ම නැතුව මින් මැදුරක් හෝ ගෙදර මාලු ටැන්කියක ඇති කරන්න පුලුවම්.සහ මෙම bagarius විශෙශයෙ ඇක්වෙරියම් තුල ඇතිකරන්න රෙකමන්ඩ් කරන එකම මාලුව තමයි මෙයා විශෙශයෙන් මෙයගෙ ශරීර් ප්‍රමණය කුඩා නිසා හදන්න පුලුවම්
මෙයලගෙ නිජ බිම වන්නෙ තායිලන්තයෙ මීකොන්ග් ගංගාවෙ සහ තායිලන්තයෙ චාඔ ද්‍රොණි වල වේ
මෙයලටත් bagarius yarelli ල වගෙම ජීවත් වෙන්නෙ ගලාගෙන යන ජල පහරවල් තුල වේ නමුත් මෙයලා පොඩ්ඩ්ක් විශේෂයි මොකද
මෙයාල වාර්තා වෙලා තියෙන සමහරකලපු තුල සහවිල් වල ,සහමෙයලට කිවුල් වතුරට ඔරොත්තු දීමෙ හැකියාවකුත් තියෙන්ව
6.5-7.5 පී එච් අගයන්වල තම මොවුන් ජිවත් වෙන්නෙ
මෙයාලගෙ සයිස් ගතහොත් අර bagarius yarelli වගෙ දඩාර් සයිස් වෙනෙ නෑ .
පොඩි මෙයාලා .සාමන්‍යෙන් වැඩුන පරිණත සතෙක් 40cm වගෙ
මොන්වා උනත් මෙයල පොඩි කියල පොඩි ටැන්කි වල හදාලනම් හරියන්නෙ නැ පුතේ.
අඩුම දිග*පලල* උස 6*2*2 වත් විය යුතුයි මෙව කියලවැඩක් නැ ඉතින් ,අඩියෙ අරවාන අඩි තුනෙ ටැන්කි වල හදන අයියලනෙ ඉන්නෙ ලන්කාවෙ
ඇත්තටම මෙයල හදනනවනම් කරුනාකරල මෙ ටැන්කි සයිස් දෙන්නම් පුලුවන්නම් විතරක් මෙයලව හදන්න
තව විශේශ කරුනක් ඔයලාට කියන්න ඔනෙ මෙම වර්ග දෙකට අමතරව bagerius lica කියන වර්ගය අපෙ රටෙ මොන්ස්ටර් ලොල්ලින් අතරින් වාර්තා වෙල තියෙන්ව එකියෙන් මෙයලත් අපෙ රටෙ සුරතලුන් ලෙස ඇති කරනව
මෙයාල පොඩි කාලයේ එකිව්වෙ පරිණත මසුන්වීමට පෙර bagarius bagerius සහ bagerius yarelli දෙකම එක හා සාමාන ලක්ශන පෙන්නන්නෙ එ කියන්නෙ පිටින් දැකල හදුනා ගන්න හෙන ගේමක් දෙන්න ඔනෙ පල පුරුදු කාරයෙක්ටනම් හොයගන්න පුලුවම් අපි බලමු පොඩි වෙනස් කම් කීපයක් මෙ දෙන්නගෙ
1 bagerius bagerius වර්ගයෙ ඇස් ප්‍රමාණයන් වල පොඩි වෙන්සක් තියෙන්ව ඔක මෙම bagerius හැම වර්ගයෙකම පොදු ලක්ශනයක් තම ඇස් රවුම් වටකුරු බව .එක මෙම වර්ගයෙ අනිත් මත්ස්‍යයින්ට වඩ හොදට bagerius bagerius ලට පිහිටල තියෙන්වා
2. මෙයාලගෙ වර්න සංකලනයක් ගත්තොත් bagerius bagerius සහ ,bagerius yarelli ගෙ පොඩි කාලෙ පාට සහ පාට රටාවන් එක හා සමාන වෙ එකිව්වෙ දෙන්නම එක වගෙ හොයගන්න අමාරුයි
නමුත් yarelli විශෙශයෙ මෙයාල පරිණට වීමත් සමගම අර කිව්ව පාට රටාවම් ඔක්කොම මැකිල යනව
3. තව එකක් තියෙන්ව bagerius bagerius ගෙ පස්චාත් වරල ,මෙය ඉතාමත් ශක්තිමත් වන ආතර එම වයස් සීමාවෙ yarelli කෙනෙක්ට වඩ සාපෙක්ශව bagarius bagarius ගෙ පශ්චාත් වරල දිගින් වැඩිය මෙමගින්ද මෙයල වෙන් කරල හදුනගන්න පුලුවම්
4 ඉලග වැදගත් ම කේස් එක වෙන්නෙ මෙයලගෙ කට bagerius bagerius ලගෙ කට පොලොව මට්ටමෙන් පොලවට සමාන්තරව පිහිටල තියෙන්නෙ yarelli ගෙත් මේස්භාවය තිබුනත් b.bagerius ගේ තරම් කට පොලොව මට්ටමෙන් පිහිටල නැත
5. Yarelli ගෙ ඇඩ්පොස් වරල් ගුද වරල් සහ ගුදයට සමාන්තරව ඉහලින් පිහිටන අතර bagarius bagarius ගෙ එම වරල් ගුද වරල් වලට මදක් පිටු පසින් සමාතරව ඉහලින් පිහිටයි@
තව එක විශේශ කරුනක් කියන්න ඔනෙ එක මෙ කැට් ෆිශ්ලට විතරක්ම නෙවෙ අනික් සියලු මොන්ස්ටර් කාන්ඩයෙ මත්සය්යින්ට අදාලයි කරුනාකරල මෙම කාණ්ඩ වල සතුන්ත් හදනවනම් අනිවර්‍යෙන්ම එම සතුන්ට්ට අවශ්‍ය ඉඩකඩ ලභාදෙන්න ගොඩක් අය එහෙම කරන්නෙ නෑ ඇහැ පිනවන්න සතා හදනව සතා දුක් වෙනව එහෙම වැඩ කරනන එපා කාරුනික ඉල්ලිමක් ඒක. .
Vikum....
Comments
Post a Comment