Terminalia catappa(කොට්ටම්බා කොළ ප්‍රතිකර්මය) treatment for your channa fish
කොට්ටම්බා (terminalia catappa) කොල ප්‍රතිකර්මය සහ භාවිතය
Kingdom -plantae
Clade - argisoperms
Order - Myrtales
Family- combretaceae
Genus - terminalia
මාලු හදන සියලුම දෙනාඅතර ප්‍රසිද්ද ප්‍රතිකර්මයක් තමයි කොට්ටම්බා කොල ප්‍රතිකර්මය.
ප්‍රතිකර්මයක් විදිහට කොට්ටම්බ කොල තමන්ගෙ ටැන්කි වලට දැම්මත් .බොහෝ දෙනා දන්නෙ නැහැ මෙම වටිනා ශාක පත්‍රයෙන් වෙන්න මොකක්ද කියල.
අපි බලමු මොකක්ද මෙ කොට්ටම්බ කොල
සහ කොට්ටම්බ කොලයට තියෙන විශේශ හැකියාව සහ කොට්ටම්බ කොලෙන් මසුන් හදන අපිට ගතහැකි ප්‍රයෝජන.
ඉන්දියන් ආමන්ඩ් විදියට හදුන්වන මෙම කොට්ටම්බ ශාකය ලන්කවෙ හොයාගන්න එක කිසිම අපහසුවක් නැහැ ,මෙකෙන් විශාල වශයෙන් මසුන් හදන අපිට ප්‍රයොජන වන්නෙ ජලයෙ ph අගය අඩු කිරිමට
සැ.යු (ගොඩක් අයගෙ මතයක් තමයි ph අගය බැලන්ස් කිරිමක් නැතහොත් ph අගය පාලනයක් සිදු වෙනව කියන එක එක කිසි සේත්ම වෙනෙ නෑ වෙන්නෙ එම අගය අඩු වීමක් පමනයි )
❓අපි බලමු කොට්ටම්බ කොලය අපෙ ටැන්කි වලට බලපාන්නෙ කොහොමද කියල
කොට්ටම්බ වල තියෙන විශෙශිත අම්ලයක් තමයි
ටැනින් ඇසිඩ් එක, මෙම ටැනින් ඇසිඩ් එක පත්‍රයෙන් පිට කිරිම පටන් ගන්න්ව පත්‍රය දිරායෑමත් සමඟම .එමගින් වෙන්නෙ වතුරෙ පැහැය් කහට පැහැයකට පැමිනීම. කෙටියෙන් කිව්වොත් පැහැදිලි ජලය දුඹුරු පැහැති ගතියක් .නැතහොත් කහට ගතියක් ගන්නව
එමගින් සත්තුන්ට ස්භවික පරිසර තත්වයකට සමාන තත්වයක් අපට ලබා දෙන්න පුලුවම් .
අනිකුත් විශේශිතම කාරනය මෙම පත්‍ර මගින් මසුන්ගෙ ලෙඩ රෝග සුව වෙන ඖශදීය සංගටක තුනක් තියෙන්ව
🔺flavonodis - ප්‍රති ජීවක සහ ප්‍රති දිලීර කාරක
🔺saponinns - මසුන්ගෙ පරිවුර්තීයක්‍රියා ඉහල දැමිම
🔺punicalagin- ප්‍රති ඔක්සිකාරක ලෙස
මෙමගින් සුරතල් මසුන්ගෙ ලෙඩ රෝග සුවවීමෙ හැකියව වේගවත් කරනව
සහ තවත් විශේශිත කරුනක් වනුයෙ
කාලයක් ජලය යට කොට්ටම්බ කොල තිබීමෙන් කොලය නැට්ට ආසන්නව පොඩි ශ්ලේශ්මල තට්ටුව්ක් බැඳෙන්ව මෙය මසුන්ට ආහරයක් ලෙසද ගන්න පුලුවම්
🍃කොට්ටම්බා කොල භවිතය
සමන්‍යෙන් කොට්ටම්බ කොල වතුර ලීටර පනහට තුන බැගින් දැමීමෙන් සාර්තක ප්‍රතිපල ලභා ගන්න පුලුවම්
කොට්ටම්බා කොල භවිතයේදී ක්‍ර්ම කීපයකට භාවිතා කරන්න පුලුවම්
1 .සෝදා පිරිසිදු කරගත් කොට්ටම්බ කොල කෙලින්ම තමන්ගෙ ටැන්කියට දැමිම
2. අවශ්‍ය ප්‍රමානයට කොට්ටම්බ කොල අරගෙන වතුරෙ දමා තැම්බිමකින් පසුව එම කොට්ටම්බ කොල ටැන්කියට එකතු කිරිම
3 කොට්ටම්බ කොල සාරය සදාගැනිම
එයටද මම කිව්ව දෙවෙනි ක්‍රමය වගෙ එම කොට්ටම්බ කොල සාරය රැගෙන බෝතල් කල තමන් ටැන්කියෙ වතුර මාරු කරන අවස්තාවෙදි අවශ්‍ය ප්‍රමානයට යොදාගැනිම
🍃🧉කොට්ටම්බ කොල සාරය සාදා ගැනිම
මෙහිදි කල යුත්තෙ කොට්ටම්බ කොල ලීටර් පනහකට කොල 3 ක අනුපාතයට ලිටර් සියක වාගෙ බල්දියකට අවශ්‍ය ප්‍රමානයට කොට්ටම්බ කොල යොදාගන්න.
එය සතියක පමන කාලයක් ඔක්සිජන් ලයින් එකක් දීල පදම් කරගන්න .
ඉන් පසු සතියකට පමන පසුව තම සතුන්ගෙ වතුර මාරුව සමග එම කොට්ටම්බ කොල සාරය අවශ්‍ය ප්‍රමානයට එකතු කරගන්න
❓කොට්ටම්බ කොල දමා අවශ්‍ය ප්‍රමානයට වැඩිය වතුර දුබුරු පැහැවිමක් සිදු උනොත්?
එවිට කල යුතු ලෙහෙසිම ක්‍රමය වන්නෙ ඇක්ටිව් කබන් තමන්ගෙ ටැන්කියෙ ෆිල්ට්ර් එකට දාගන්න එක
එමගින් කොට්ටම්බ කොල වලින් පිටත් කරන ටැනින් ඇසිඩ් එක කාබන් වලට උරා ගැනිමෙන් ටැන්කියෙ දුබුරු පැහැය අඩුවෙයි
සහ අනෙක් ලෙහෙසිම ක්‍රමය වන්නෙ 20%-30% පමන වතුර මාරුවක් සිදු කරගැනිමයි
ඉතින් මම හිතනව මෙම කරුනු සියල්ම හරිවිදියට ඔලුවට අරගෙන ඔයල තමන්ගෙ සතුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලභා දෙයි කියල විශෙශයෙන්ම සදහන් කරන්න ඔනෙ
මෙමප්‍රතිකර්ම එකිවෙ කොට්ටම්බ කොල ප්‍රතිකර්මය ගොඩක් අය ටැන්කි වර්න කිරිමට යොදාගන්න්ව විශෙශ්‍යෙන්ම ස්නේක් හෙඩ් මසුන්ට ඉතින් එහෙම කරනකොට මෙම ප්‍රතිකර්මය පියවරෙන් පියවර කිරිමට වග බලාගන්න එහෙම නොවුනොත් සතාට යම් කිසි හානියක් වීමට පොඩි අවදානමක් තියෙන
ඉතින් මෙ සම්භන්දයෙන් හොදටම වැඩට සටහනක් කරපු විඩියෝ එකක් පහල ලින්ක් ඒ දාල තියෙනව එකත් අනිවර්‍යෙන්ම බලන්න කියල ඉල්ලනව
vikum herath
Comments
Post a Comment