Channadae diet ( ආහාර සැපයීම)
සුභ දවසක් සියලුම කීපර්ස් ලට අද අපි කතා වෙන්න හදන්නෙ ඉතාමත්ම වැදගත් වන කාරනාවක් සම්බන්දයෙන්, එ තම මින් මැදුරක් තුල හදන ස්නේක් හෙඩ් මත්ස්‍යයෙක්ට් ලැබෙන ආහාර රටාවන් සහ අහාර වර්ග .මෙක ඉතාමත් වැදගත් මාතෘකාවක් වෙයි නවකයන්ට .
ඉතින් වැඩි විස්තර නැතුව මතෘකාවට යමු .
කෙටි වශ්‍යෙන් ගතහොත් මෙම ආහාර කාණ්ඩ කීපයකට බෙදා ගන්න පුලුවම් කෙටියෙන් එක ඔයලට පහලින් බලාගන්න පුලුවම්
ඉතින් ගොඩාක් අයගෙ අත් දැකීම් එක එක විදියක් වෙන්න පුලුවම්. අනික මෙමත්ස්‍ය වර්ගයට එකම ආහාර වේල දෙනවට වඩා වෙනස් ආහාර වේල් ලභාදීමෙන් .ලොකු වෙනසක් බලාගන්න පුලුවම්.
තවත් විශෙශ කරුනක් වන්නෙ අනික් මසුන් වගෙ නෙවෙ මෙ ස්නේක් හෙඩ් මත්ස්‍යයින කෑමට මාරම කෑදරයි එක නිස මෙ ප්‍රෝටීන් අදික ආහර දෙනකොට අනිවර්‍යෙන්ම සැලකිලිමත් වියයුතුමයි.
අපි මතෘකාවට යමු
📛පැලට් වර්ග -
පැලට් වර්ග කිව්වම අපිට මෙහෙමයි. එකක් තමා හොද කම්පැනි වලින් ගහන බ්‍රැන්ඩඩ් පැලට් වර්ග ,
සහ අනික් එක තම අපට ගෙවල් වලදිම හදාගන්න පුලුවම් පැලට් වර්ග.
මෙකෙන් මෙ ගෙවල් වල හදන පැලට් එක ගැන අපි කතා කරොත් බ්‍රෑන්ඩඩ් පැලට් වර්ග තරම් කල් තබා ගැනිමෙ හැකියවක් නැති උනත් 100% විශ්වාසයෙන් දෙන්න පුලුවම් කෑම එකක් .
මොකද මෙක අපිම හදන කෑම එකක් නිසා.
🐠 මෙ ගැන වැඩි විස්තර අපි කවුරුත් දන්න The Fishyflex යු ටියුබ් චැනල් එකෙ Yasiru Kamila සහෝදරයා හොද පැහැදිලි කීරීමක් එක්ක වීඩියෝ එකක් කරල තියෙන්ව ඒ ලින්ක් එක පහලින් තියෙන්ව එක අනිවර්‍යෙන්ම බලන්න
https://youtu.be/hgK18uLY3yc
පැලට් වර්ග කීපයක් තිබුනත්(branded) අපි පොඩ්ඩ්ක් කතා කරමු නිතරම පාවිච්චි වෙන පැලට් වර්ග දෙකක් ගැන HIKARI MASSIVORE ,CANIVOR .
බොහොමයක් මංශ භක්ශක සතුන්ගෙ අවශ් තාවන් සඳහ විශේශයෙන් හදපු පැලට් එකක් කිව්වොත් මෙක නිවැරදි .
සහ සජීවී ආහාර සමඟ බහුලව භාවිතා වන පරපෝෂිතයන් බැක්ටීරියා සංක්‍රමණය වීමේ හැකියාවක් නොමැති පැලට් එකක් කියන්නත් පුලුවම්.
සාමන්‍යෙන් මාලුවෙකුට අවශ්‍ය සියලුම පොශ්‍ය පධාර්ත රැසකින් සමන්විත පැලට් එකක් තමයි මෙ මැසිවො සහ කානිවො කියන්නෙ.
ඉතාමත් ඉක්මනින් ජලය අවශෝශනය කරගෙන
ස්පොන්ජ් ගතියක් දක්වයි .
තව එක තමා මෙ ස්නේක් හෙඩ්ස් ල ගොඩක් වර්ග ඉර එලියට නිරාවරනය වෙල තමා ඉන්නෙ ඉතින් මෙයාලගෙ වර්ණ ගැලපීම වර්න වර්ධනට හොදටම වෙනව ස්භාවික පරිසරයේදී.
ඉතින් ඔය වර්න කේස් එකට ලොකුවටම බලපාන එකක් තමා carotinoid ප්‍රෝටීන් එක.
ඉතින් ඔකෙ ඉහලම ශ්‍රේණී භාවිතයෙන් ඉර එලියෙ ඌනතාවෙන් තියෙන ජලයෙ මසුන්ටද ඒ ඉර එලියෙන් ලැබෙන ඒ වර්ණ වර්ධන තාවය ලභා ගන්න පුලුවම් මෙ හිකරි මැසිවෝ හා කානිවොර් පැලට් එකෙන්.
⬇️ මම පහලින් ඔයාලට එ පැලට් වල අන්තර් ගතයෙන් කොටසක් කෙටියෙන් දාන්නම්
🔺Kiril meal
🔺Brewers meal - ආහර රුචිය වැඩි කරයි ඉහල කැලරි නිශ්පාදනයක් සහ පරිවුර්තීයක්‍රියා වැඩි දියුනු කරයි.
🔺Fish oil - EPA & DHA, OMEGA 3 සහ මේද අම්ල අඩංගු වෙයි
🔺Dried seeweed - පොලි සැකරයිඩ අදික කාන්ඩයකි ආහාරජීර්නය පහසුකරයි
🔺Raiboflaving - ආහාර ජීර්නය පහසු කරවයි රුධිර සයිල සහ අනෙකුත් සයිල වල ශ්ලේශ්මල වර්දනයට උපකාරි වෙයි
🔺Spirulam - පොශ්‍ය පධාර්ත වලින් ඉහල ප්‍රබල ප්‍රතිඔක්සිකාරයකි
🔺Brewers meal - පොස්පරස් අන්තර් ගතයකි අස්ති සහ දත් වර්දනයට බලපායි
🔺Garlic - හොද ප්‍රති ජීවකයකි පරපොශිතයින් විනාශ කිරිමට උපකාරි වෙයි ආහාර රුචිය වැඩි කරයි පිළිකා අවම කරයි
🔺DL methionine - අත්‍යාවාශ්‍ය ඇමයිනො අම්ලයකි ශරිරයෙ මංශ පේශි වර්ධනයට බලපායි
🔺Biotin - ශරිර්‍යඑ බර වැඩි කරයි
🔺Folic acid - නව සෙයිල නිශ්පාදනයට උපකාරි වෙයි
🔺 Vt B12 - ස්නායූ ස්‍යිල රුදිර සයිල නීරෝගිව තබාගනි රක්ත හීනතාව අඩුකරයි
🔺MgSO4 - ආති පඨක මංශ පේශී ස්නායුවලට ඉතාමත් වැදගත් සංඝටකයකි
🔺CuSO4 - රතු රුධිරානුවර්දනයට බලපායි සහ යකඩ
අවශෝශනයට උපකාරි වෙයි
ඉතින් මම ඉහලින් සහදන් කලෙ අන්තර් ගතයෙන් වටිනම , අල්ප ප්‍රමානයක් විතරයි. එ අන්තර් ගතයෙන්ම ඔයලට නිගමනයකට එන්න පුලුවම් මෙ පැලට් එක මත්ස්‍යයින්ට කොච්ච වටිනපැලට් එකක්ද කියල.
🔴මෙකෙ භාවිතය ගත්තොත් භාවිතා කරන විට සැලකිලිමත් වෙන්නම ඔනෙ .මොකද මෙ පැලට් ජාතිය ඉතාමත් අදික ප්‍රොටින් සහ පොශ්‍ය පධාර්ත රැසකින් යුත් පැලට් එකක් .මෙම පැලට් ආහාර සඳහ දෙනකොට ඔනවට වැඩිය නොදී නිසි ප්‍රමානයට ලබා දෙන්න වගබලාගත යුතුයි.
සහ මෙම පැල්ට් වර්ග අමු මස් වගෙ නෙවෙ ඉක්මනින් ජීර්නයට පත් වෙනව.
මම මගෙ අත්දැකිම ම ඔයාලට උදාහරනයක් විදියට කියන්නම් . සමන්‍යෙන් අඩියයි අඟල් හතරක වගෙ ගොල්ඩන් කොබ්‍ර මත්ස්‍යයෙක්ට දවස් දෙක්කට සැරයක් මැසිවෝ ඇට හතරක් වගෙ අහාරයට දෙන්න සුදුසුයි .
සතාගෙ වයස ශරිරප්‍රමානය අනුව සහ ඔයල දෙන අනික් ආහාර වර්ග අනුව මෙව වෙනස් වෙන්ව
සහ ඔයලට මෙ වර්ග වල පැලට්ස් මෙ මෙන්ශන් කරල තියෙන සහොදරයන්ගෙන් සධාරන මිල ගනන් වලට ලභා ගන්න පුලුවම්.සහ මම මෙ සහොදරයින්ගෙ සේවාව ඉහලින් අනුමත කරනව 💯
Isuru Heshan Isuru aquarium Aluthgama
Fish Arcadia Hasitha Jayasundara
Fishyflex Kadawatha
Gayan Sameera
🍖අපි ඉලඟට කතා කරමු raw meat ( අමු මස් වර්ග
මොනවද මේ අමු මස් . ඇයි අපි අමු මස් වර්ග දෙන්නේ
පොදුවේ ගතහොත් අමු මාංශ වර්ග( කුකුල් මස්(not recommended❗) , හරක් මස් ,ඌරැ මස්)
මුහුදු මාලු (අමු හාල්මැස්සන් ,ඉස්සන් ,කෙලවල්ල,ඇට වල්ලන්,අලගොඩු ,හැදැල්ලන්) සහ වැව් මුලු (තිලාපි) වර්ගයන්ය.
විශෙශයෙන් සඳහන් කරන්න අවශ්‍යයි. සාමන්‍යෙය්න් කුඩා ප්‍රමානයෙ අමු තිලාපිපැටවුන් මත්ස්‍යය පිටින්ම ආහාර සඳහා දෙන්න පුලුවන්නම් ඉතාමත් හොදයි සම්පූර්න මාලුවෙක්ගෙ ඇති පොශ්‍ය පධාර්ථ එ අයුරින්ම සතාට ලැබෙන නිසා.
කුඩා කල ස්නේක්හෙඩ් මසුන් සඳහා ඔවුන්ගෙ ජීරණ ක්‍රියාවලියට පහසු ආහාරයක් වශයෙන්, බීෆ් හාට් ( හරක් හදවත්) සහ පීකුදු ලබා දීමෙන් කුඩා කල අවශ්‍ය පෝෂණය සහ මසුන්ගේ ඉක්මන් වර්ධනයක් පෙන්නුම් කරනු ලබයි.
කුඩා කල දුර්වල ඌ මසුන් හට බීෆ් හාට් හෝ පීකුදු ලබා දීමෙන් මසුන්ගෙ ශක්තියට හා වර්ධනය ට සාධකයක් වේ. සමන්‍යෙන් අපි ඔනම කෙනෙක් දන්න කරුනක් තමයි හරක් පීකුදු විශේශයෙන්ම රුධිර වර්දකයක් . එක සතාගෙ නීරෝගි පැවැත්ම සහ බර ශරීර වර්දනයට හොදටම බලපානව .
මුහුදු මාලු වරගයන් ස්නේක්හෙඩ් මසුන් හට ආහාරයක් වශයෙන් ලබා දීම එතරම් සුභවාදි කරනුනක් කියන්න අමාරුයි මොකද , *මහුදු මාලු වර්ගයන් යම් යම් පෝෂණ මට්ටම් වල පවතින අතර ස්නේක්හෙඩ් මසුන් ගේ ජීරණ ක්‍රියාවලිට සහ මසුන්ගෙ ශරිරයට හානි කර අවස්ථා ඇති විය හැක. කෙටියෙන් කිව්වොත් ස්නේක් හෙඩ් මත්ස්‍යයින්ට කිසිසේත්ම ස්භාවික පරිසරයේදි කරදිය මත්ස්‍යයෙක් ආහාරයට ගන්න ලැබෙන්නෙත් නැහැ.
ස්නේක්හෙඩ් මසුන් සඳහා වඩාත් සුදුසුම ආහාරයක් වනුයේ වැව් මාලු ලබා දිමයි. මසුන්ගෙ වර්ධනයට සහා ජීරණය සඳහාද ඉතා බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. තිලාපි සහා වැව් ඉස්සන් වර්ගයන් ස්නේක්හෙඩ් මසුන් සඳහා ඉතා ගුනාත්මක ආහරයක් වශයෙන් ලබා දිය හැක .
නමුත් මෙය දිගුකාලීනව ලබා දිමෙන් මසුන් අභ්‍යන්තර පනු ආසදන් වලට ගොදුර වීමට ඉඩ කඩ ඇත.
වැව් මාලු වර්ගයක් වුවත් දිගුකාලීනව ලබා නොදී සතියකට වරක් හෝ දෙවරක් ලබා දී (fish pellts) එකක් සමඟ ලබා දීමෙන් ඔබේ මසුන් සෞඛ්‍ය සම්පන්නව සාදා ගත හැක.
සහ සැලකිය යුතුයි ☢️
කුකුල් මස් සහ පීකුදු කිසි සේත්ම අනුමත කරන්නෙ නෑ මත්ස්‍යයින්ට
මොකද කුකුලන්ට එන්නත් කරන හෝමොන සහ ආහාර වලට එකතු කරන ඇමොක්සිලින් නම් ප්‍රතිජීවකය ඉතාමත් දරුනු ලෙස මත්ස්‍යයින්ගෙ ප්‍රතිජීව පද්දති වලට හානි කරන්න පුලුවම්.
ඉතින් කුකුල් මස් වගෙ දෙවල් නොදි සමන්‍යෙයි වැව් මාලු එකිවෙ තිලාපි කොරලි වගෙ දෙයක් දෙනවනම් එක ගොඩක් සතාගෙ වාසිදායක පැත්තට හැරෙයි කියල හිතනව සහ අනිකුත් කාරනය තමා
මෙම අමු මස් වර්ග ලභා දෙන්වනම් අනිවර්යෙන්ම ඔබගෙ සතාව මාස හයකට සැරයක් පමන පනු බෙහෙත් ප්‍රතිකාරයට භාජනය කරන්න සිදුවෙන්ව.
අමු මස් මාලු කතාව මෙතනින් නවත්තමු ඉලඟට අපි කතා කරමු සජීවී ආහර.
🦗සජීවී ආහාර
හරි අපි ඉස්සෙල්ලම කාන්ඩ කිපයකට බෙදාගෙන ඉමු මෙක.
සජීවී ආහාර
🔷Athrapoda
🔹crustacean (ඉස්සන්,කූනිස්සන්)
🔹insects ( කැරපොත්තන්,රැහැයියන් ,meal worms-කුරුමිනි විශේශයක කීට අවස්තාවක්)
🔷Anelida
🔹earth worms (ගැඩවිලුන්)
🔹blood worms( ලේ පණුවන්)
🔷chondricthiyes ( අස්ථික මසුන්[තිලාපි පැටවුන්,වතුර මොලීන්,ගප්පි වර්ග)
ගොඩක් දෙනා කතා කිරිමට අකමැති මතෘකාවක් උනත් කතා නොකරම බැරි මතෘකාවක් තම මෙ සජීවී ආහර.
මොන්වද සජීවී ආහර ?අපිට මොවනද සජීවී ආහර විදියට දෙන්න පුලුවම්.
සජීව ආහාර විදියය අපිට දෙන්න පුලුවම් හොදම අහාරයක් තමා
🦐 Ghost shrimp මෙම සතුන්ගෙ හොදම පොශ්‍ය පධාර්ත අන්තර් ගතයක් තියෙන්ව
VIT B12
VIT D,E
Mg
Zinc
VIT B3
Omega 3
මෙ සියලුම දේවල් මෙ ගෝස්ට් ශ්‍රිම්ප්ස් ල තුල අන්තර්ගතයි .
🔷කැරපොත්තන්
කැරපොත්ත යනු මෙ මසුන්ගෙ ආහාරයට සුදුසුම වර්ගයක් මොකද ඉතාමත් අධික ප්‍රොටින් ප්‍රමානයක් සහ ඇමයිනෝ අම්ල වලින් සමන්විතයි සාමන්‍යෙන් එලදෙනකගෙ කිරි වලට වඩා ප්‍රොටීන් ප්‍රමානයක් මෙ කැරපොත්තන්ගෙ අඩංගු වෙනව
මිට අමතරව.
Calcium ,magnesium ,iorn ,photacium යන මූල ද්‍රව්‍යද කැරපොත්තන් තුල අන්තර්ගතව වෙන්ව සතෙක්ට දිය හැකි හොදම ප්‍රෝටීන් අධික ආහාරයක් ලෙස අනුමත කරන්න පුලුවම් සජීවී කැරපොත්ත
🐛Meal worms ( කුරුමිනි වර්ගයක කීට අවාස්ථාවක්)
තවත් ඉතා අධික ප්‍රොටින් සංයුතියක් තියෙන සතෙක් තමයි මෙ meal worms කියන්නෙ
මෙයල meal worm beetle ලගෙ කීට අවස්ථාවක් විදියට ගන්න පුලුවම්
මෙයලගෙ අන්තර්ගතය ගතහොත්
Protin - 13%
Fat - 2%
Fiber and moisture -62
🔷Anelida
Earth worms( ගැඩවිලුන්) ,blood worms
ප්‍රොටීන්සහිත හොද ආහාරයක් සහා කුඩා ප්‍රමානයෙ මසුන්ට කෑමටහුරු කරගැනිමට සිටින මසුන්ට හොදම ආහාරයක් තමා මෙ ගැඩවිල් සහ bloodworms.
කුඩා මත්ස්‍ය පැටවුන්ට නියම කරන්න පුලුවම් ප්‍රෝටින් අධික ආහාරයක් විදියට bloodworms ගන්න පුලුවම්
අන්තර්ගතය ගතහොත
Protin - 6-11
Fat 5-21
Cabohydrate and minarals vitamins 2-3
ඇත්ත වශ්යෙනම් සදහන් කරන්න ඔනෙ මෙ meal worms සහ කැරපොත්තන්ගැන ඉත විශාල කරුනු ප්‍රමනය්ක් තියෙන්ව ආටිකල් එක දිග වැඩි වෙන නිසා පොඩි කරුනු කිපයකට සීම කරනව සහ ඉදිරියෙදී මෙ meal worms සහ කැරපොත්තන් සියලුම සජීවී ආහර වලට අදාල athrapoda වංශිකයින් සහ annelida වන් ගෙන වෙනමම සටහනක් ගෙන්න බලපොරොත්තු වෙනව.
🐠Chondricthyes ( අස්ථික මසුන්)
අස්ථික මසුන් ලෙස අපිට ගන්න පුලුවම් ලේසිම සත්ව වර්ගය තමා water molly( වතුර මොලීන් ,අවර්ණ) සහ තිලාපි පැටවුන්
තිලාපි වල අන්තර් ගතය ගතහොත් මෙ විදියට දක්වන්න පුලුවම්
Calories: 128
Carbs: 0 grams
Protein: 26 grams
Fats: 3 grams
Niacin: 24% of the RDI
Vitamin B12: 31% of the RDI
Phosphorus: 20% of the RDI
☢️ඉතින් මෙ සජීවී ආහාර ලභා දෙනකොට අනිවර්‍යෙන්ම කල යුතු දෙයක් තමයි
Quarantine කරන එක. සතුන් නීරොධායන කිරිමක් අනිවර්‍යෙන්ම කරන ඔනෙ වෙනම ටැන්කියක.
එකකරනකොට antiparasite ,epsom salt ,methalin blue කියන වර්ග තුනෙන් එකක් දාල සජීවී ආහර සියල්ල qurantine කරල මසුන්ට අහාර ලෙස ලභා දෙන සතුන්ගෙ සෞක්‍යට හොද වන අතර ,නැවතත් කියන්න කැමති මෙ මොන්ව ආහාර ක්‍ර්මයක් ඔයාල අනුගමනය කරත් අනිවර්‍යෙන්ම මාස හයකට සැරයක් පණු බෙහෙත් ප්‍රතිකාර කල යුතුමයි
මම හිතනව ගොඩක් අය මෙකෙන් ප්‍රයොජනයක් ගන්න ඇති කියල විශෙශ්‍යෙම නවකයින් අප සමූහයට ඇතුලත් වූ සහ අලුතෙන්ම ස්නේක් හෙඩ් හදන්න පටන් ගත්ත සහෝදර සහොදරියන්ට මෙක වටිනව කියල හිතන්ව.
මත්ස්‍ය ආහර ගැන ගතොත් ආහාර වර්ග වලින් තොරතුරු කිපයක් වගෙ තමයි මෙතන තියෙන්නෙ
තවත් සවිස්තරත්මක විස්තර රැගෙන මෙ සටහනෙ දෙවෙනි කොටසකින් හමු වෙමු
සුභම සුභ දවසක් සියලුම ස්නේක් හෙඩ් කිපර්ස්ලට.
Comments
Post a Comment