Sub tropical and tropical (නිවර්තන සහ උපනිවර්තන)
සුභම සුභ දවසක් වේව කියල ප්‍රාර්ථනා කරනව සියලුම ස්නේක් හෙඩ් කීපර්ස් ලට සැහෙන්න කාලෙකින් ඔයලට වැදගත් ම වෙන මතෘකාවක් යටතෙ පොඩි ආටිකල් එකක් ගෙනාවෙ ඉතින්
අද අපි කතා කරන්න යන්නෙ නිවර්තන (tropical ) සහ උපනිවර්තන(sub tropical )
කියන්නෙ මොකක්ද?
සහ මෙක ස්නේක් හෙඩ් මත්ස්‍යෙය්යෙක්ට බලපාන්නෙ කෙසේද?
සහ මෙම මසුන් බහුලවගැවසෙන්නෙ කුමන පරිසර තත්වයක්ද ?
සහ සීතල ජලයෙ වෙසෙන මත්ස්‍යියින් එම තත්ව යටතේ මින්මැදුරක හදන්න්නෙ කොහොමද කියන එක සහ මත්ස්‍යෙයෙක් සිටින ටැංකියක උශ්නත්වය අඩුවෙන් රඳවාගන්නෙ කොහොමද කියල.
මොකක්ද මෙ නිවර්තන සහ උපනිවර්තන ලෙස හදුන්න්වනෙ
ගොඩක් කීපර්ස් ල දැකල තියෙන්ව අපෙ භාශාවෙන් කිව්වොත් " මෙය ට්‍රොපිකල් මාලුවෙක් මෙය සබ් ට්‍රොපිකල් මාලුවෙක්" කියල ගොඩක් දෙන කතා වෙන්ව
අපි බලමු මොකක්ද මෙ නිවර්තන හෙවත් tropical area සහ උප නිවර්තන හෙවත් subtropical area කියන්නෙ මොකක්ද කියල
ඉතින් මෙ සම්භන්දයෙන් කෙටි හැදින්විමක් කරල ඉන්නන්
.
නිවර්තන කලාප ( tropicalarea)
නිවර්තන කලාපය ගැන ගතොත් අපිට සදහන් කරන්න පුලුවම් සමකය සහ සමකයට උතුර්‍ර්න් පිහිටන කර්කට නිවර්තනය සහ සමකයට පහලින් පිහිටන මකර නිවර්තන ඉතින් මෙ කර්කටක සහ මකර නිවර්තනය, අතර තියෙන ප්‍රදේශය තමා අපි ( සමකය ඇතුලු)
මෙ නිවර්තන(tropical area )කියල හදුන් වන්නෙ.
එතකොට ඔයලට නිකන්ම අදහසක් එනව ශ්‍රීලංකාවත් නිවර්තන කලාපීය රටක් කියල
මෙතනදී ගොඩාක්ම බලපාන සාදකයක් තමයි දේශ ගුනය මෙ දේශගුනය සාධකය ඉතින්මෙය මසුන්ට ඇතුලු අනිකුත් සියලුම ජීවින්ට විශාල වශයෙන් බලපානවා
දේශගුණයගැන ගතහොත් නිවර්තන කලාපයට සූර්යලොකය සෘජුව ලැබේ අනෙකුත් ප්‍රදේශ වලට සාපෙක්ශකව
සහ මෙයට කාන්තාර සහ හිමෙන් වැසිගිය හිම කඳුද අයත් වේ
උනුසුමෙන් වැඩි කලාපයක් ලෙසද හදනු වන්න පුලුවම්
කොහොම නමුත් මෙම නිවර්තන කාලාප වල වියලි සමයක් සහ තෙත් දේශගුනික සමයක් දැක ගන්න පුලුවම් .
සහ තෙත් කාලාපිය සමයෙදි වර්ශ්‍යක එක් මසක සිට මහසකීපයක වර්ශාපතනයක් දැක ගන්නත් පුලුවම්.
විශේශයෙන් ගන්නවිට මෙම නිවර්තන කලාපීය වනන්තර පිලිබඳව කෙටියෙන් කතාකලොත් ඉතාමත් තද වන ඝහනයක් බලගන්න පුලුවන් .
20°c - 30°c අතර මෙම වනාන්තර වල උශ්නත්වය දැක ගත හැකි අතර ,වනන්තර වියන් ආකාරයට පිහිටීම බහුල වේ සහ වන ස්තර කීපයකින් පිහිටයි . වියන් ස්තරය උප වියන් සහ තෘන භූමී එයින් කීපයකි මම මෙ වන්නතර ගැන විශාල පැහැදිලි කිරිම කිරිමට යන්නෙ නැහැ ආටිකල් එක ගොඩක් දිග වෙල බෝරින් වෙන නිසා
විශේශ කරුනක් වනුවෙන් දැනට ලේඛන ගත කිරීම් වලට අවශ්‍ය ශාක සහ සත්ව වර්ග වල තොරතුරු 80%ක් පමන මෙමම් නිවර්තන වනන්තර වලින් ලභාගෙන ඇති වීමයි සහ එය පෘථුවි ගොඩබිමෙන් 6% වගෙ කොටසක් පමනයි
එවගෙන තම මෙහි වර්ශාපතනය ගන්න විට 200cm වලට වඩා වැඩි වර්ශාපතනයක් දැක ගැනීමට හැකො වෙ
අපි කවුරුත් දන්න ඇමසන් වනය එයට හොදම නිදසුනක්
Sub tropical (උප නිවර්තන)
ඇත්තෙන්ම උප නිවර්තන ලෙස හදුන් වන්නෙ මකර නිවර්තායට දකුනින් තිබෙන ප්‍රදේශය සහ කර්කටක නිවර්තනයට උතුරින් තිබෙන ප්‍රදෙශ අපිට උප නිවර්තන විදියට හදුන්වන්න පුලුවම්
මෙහි ශාක හා සත්ව ඝනත්වය නිවර්තන කලාපයට වඩා වෙනස් වෙන්
ගොඩක් සත්ව වර්ග මෙම උපනිවර්තන කලාප වල දකින්න පුලුවම්
මෙහි වනාන්තර සම්භන්දෙන් ගතහොත් නිවර්තන කලාප වලට මායිම් වී ගොඩක් වනාන්තර පිහිටයි
සහ විශේශ කරුනක් වනුයෙ මෙහි දේශගුණික විපර්‍යාස වේ වඩාත් කැපී පෙනන දේශ ගුණික විපර්‍යාස වලට මෙම කලාපීය වනාතර මුහුන දෙයි
මෙක ස්නේක් හෙඩ් ලට බලපාන්නෙ කොහොමද
ගොඩක් අය කියනව ඔයලට ඇහිල ඇති
Tropical and sub tropical මසුන් කියන එක සමන්‍යෙන් tropical මත්‍ස්‍යෙය්ක් කියන්නේ මොකක්ද කියල පොඩි අයිඩියා එකක් ඔයලට තෙරෙන්න ඇති මෙම කලාප ගැන ඉහල කරල තියෙන විස්තරයෙන්
සමන්‍යෙන් සබ්ට්‍රොපිකල් මාලුවෙකුට ට්‍රොපිකල් එරියා එකෙත් ජීවත් වෙන්න පුලුවම් මෙක සත්තුන්ට විතරක් නෙවෙ මෙක සමන්‍යෙන් අනෙකුත් ශාක සහ සත්තු වර්ග වලට හොදටම බලපානව
සමන්‍යෙන් ගඟක් පටන් ගැන්මෙ සිට මුහුද ගං මෝය දකව ගලා එමේදී සැහෙන්න දේශ ගුනික විපර්‍යස වලට මුහුන දෙන්ව
සමන්‍ය දැනුම පරිදි ගඟක පටන් ගැන්මෙ තිබෙන පරිසරය් තත්වය ශීත දේශගුණයක් ගන්න විටඑය ගං මෝය දක්ව පැමිනෙන විට කෙමෙන් කෙම උශ්නත්වය වැඩිවිමක් සිදුවෙ
මෙයට බලපාන විශේශම් සාධකයක් වනුයෙ
භූ විශම තාවහෙවත් භූමි මට්ටම
මුහුදු මට්ටම සිට උස
මෙය ස්නේක් හෙඩ් මසුන්ට බලපාන්නෙ කෙසේද ?
සාමන්‍යෙන් ගඟක අරම්භයෙ සිටින මසුන් සහ ගඟෙ මද්‍යයෙ සිටින සතුන් අතර ජානමය සහ භාහිර ස්වරූපිය වෙනසක් දක්නම ලැබෙන්ව
නමුත් මෙහි ගඟෙහි සිටින ශීත කාලයට කැමැත්තක් දක්වන සතුන් ඉඩෝර කාලයෙ හෝ ග්‍රීස්ම සමයෙ තමන්ට අවශ්‍ය පරිසර තත්ව සොයාගෙන ගංඟා වෙන් උඩට ගමන් කරන්න පෙලඹෙනව .
ස්නේක් හෙඩ් මත්ස්‍යෙය්ක්ට එම කාලය ජීවිතේ බේරගෙන ඉන්න පුලුවම් නමුත් ඔව්න් ගඟ පටන් ගැන්ම පැත්තට පිහිනන්නෙ විශේශයෙන්ම ඔවුන් එමශීත පරිසරයට කැමති නිස .
මම දළ උදාහරනයක් පැහැදිලිකරන්නම්
ඔයල නුවර එලියෙ පැත්තෙ වගෙ ජීවත් වෙන කෙනෙක් නම් ඔයල කොළඹ රැකියාවකට කොළඹ ප්‍රදේශයට පැමිනෙනවනම් ඔබට එම පරිසර තත්ව යටතේ ජීවත් වේන පුලුවම් නමුත් ඔබ ගොඩක් ම කැමැත්තක් දක්වන්නෙ නුවර එලි ප්‍රදේශයට නමුත් ඔබට කොළඹ ප්‍රදෙශ්‍යෙ ජීවත් වේන පුලුවම්
මෙක දළ උදාහරනයක්
ඇයි අපි අඩු උශ්නත්වයක අපෙ ස්නේක් හෙඩ් ටැන්කි තියගන්නෙ
සමහර ස්නේක් හෙඩ් මසුන් ජීවත් වෙන්නෙ අඩු උශ්නත්වයක,
ඉතින් අපි ස්භවික පරිසරතත්ව වලට සමානව ටැන්කියක් හදනවනම් නැතිවම බැරි කාරනාවක් තමා උශ්නත්වය .
ඉතින් සමන්‍යෙ
ටැන්කියෙ වතුර උශ්නත්වය අඩුවෙන් සීතල (18C°-22C°)වගෙ මට්ටමෙ තියාගන්නෙ කොහොමද කියල සහ එ සඳහා බලපාන සාධක මොනවද කියල අපි බලමු.
ඉතින් මෙ සම්භන්ද කරුනු කීපයක් තියෙනව අපි එ ගැන වැඩි විස්තරයක් පහලින් දක්වල තියෙනව
1.Tank Location ටැන්කිය පිහිට ස්ථාන
මෙම කරුන විශාල ලෙස බලපනව වතුර සීතල කිරිමට ,සමන්‍යෙන් ස්නේක් හෙඩ් මත්ස්‍යයෙක් ගෙ ටැන්කියක් පුලුවම් උපරිමෙන්ම බිම් මට්ටමෙන් තිබෙන එකෙන් ටැන්කියට සැලකිය යුතු සීතලක් හෙවත් උශ්නත්වය පහල දැමිමක් කරන්න පුලුවම්.
බිම මට්ටම සිමෙන්ති නම් මෙම ක්‍රමයෙන් ඉතාමත් පහසුවෙන් ප්‍ර්තිඵල අත් කරගැනිමට හැකි වේ .
බොහො විට ගොඩක් දෙනා සිමෙන්ති වලින් ටැන්කි හදන ආකාරය බලාගන්න පුලුවම් .
එම ක්‍රමයද මෙ හා සමාන වන අතර එමගින්ද සාර්තක ප්‍රතිඵල ලභා ගැනිමට පුලුවම්.
සහ අනෙක් එක වන්නෙ ටැන්කිය ස්ථාන ගත කිරීමේදි direct sunlight එක වැටෙන්නෙ නැති පරිදි ටැන්කිය ස්ථාන ගත කල යුතු වේ.
ජලය මතුපිට ට ඉර එලිය වැටෙන එකෙන්ද ටැන්කියෙ ජලයෙ උශ්නත්වය වැඩි වෙන නිසා
2.lights system අලෝක පධ්දතිය
සැලකිය යුතු තවත් කරුනක් වනුවෙ මෙ ආලෝකකරනය, විශෙයෙන්ම ආලොකය වැඩි පුර ලැබිමෙන් වතුර මතු පිට උශ්නත්වය යම්කිසි ආකාරයක වැඩි විමක් සිද්ද වෙන්ව.
විශේශයෙන්ම අපි භාවිතා කරන කහ එලිය (warm white) මෙම ආලොකයෙන් ටිකක් වැඩි ප්‍රමානයෙන් ජලය රත් වීමක් සිදු වෙන්ව.
එම නිස ආලෝක භාවිතය සීමා කිරිම හෝ ආලෝකය පාලනය කිරිම, ආලොකයෙ ත්‍රීවුර තාව අඩු වෙන් ජල මතු පිටට වැටීමට සැලස් වීම, මගින්ද අලෝකය හරහ ලැබෙන උශ්නත්වය පහත දැමීමක් සිදුකරගන්න පුලුවම්.
මෙයට හොදම නිදසුනක්තමා ජලය මතුපිට පාවෙන පැලෑටි වර්ග සෑදීම එමගින්ද එම ආලොකය පැලෑටි හරහ පෙරී යමෙන්ද ජලයට පතිත වෙන ජලයට ඇතුල් වන ආලොකය සීමා කරගැනීමට පුලුවම්.
3.surface agitation ජල මට්ටමෙ තිබෙන ජල කැලඹීම
මෙහිදි ජල මතුපිට කැලඹිමක් එකියන්නෙ සමන්‍යෙන් Air stone එක්කින් ජලබුබුලු පැමිනීමෙ දි ඇතිවන ජල මතු පිට කැලඹිමෙන් ද ජලයෙ උශ්නත්වය අඩුවීමක් සිදු වෙනව.
මෙය wave maker ආදාරයෙනුත් කලහැකිවන අතර wave maker මගින් ජල මතුපිට කැළඹීම ස්නේක් හෙඩ් මසුන්ට නොගැලපේ .
මන්ද මොවුන් ගොඩක් විට සිටින්නෙ නිශ්චල ජලයේ නිසා.
සමාන්‍යෙන් පොඩි ටැන්කි වලට සාර්තක ක්‍ර්මයක් වන්නෙ corner filter සහ airsotne භාවිතා කිරිමයි.
සහ ටැන්කියෙ වහල ගැන ගතහොත් පුලුවම් තරම් වාතයට නිරාවරණය වෙලා තිබෙන තරමට උශ්නත්වය අඩු කරගැනීමක් කරගන්න පුලුවම්. සමන්‍යෙන් සම්පූර්නයෙන්ම ආවරනය වෙලා තියෙනටැන්කි වහල තියෙනව එව කිසි සේත් මෙයට ගැලපෙන්නෙ නෑහෑ .
සමන්‍යෙන් ටැන්කිය උඩින් බරක් සමඟ යකඩ දැලකින් වගෙ ආවරණය කරල තියෙන්වනම් ජල උශ්නත්වය පහත තබා ගැනීමට පුලුවම්.
4.cooling fans
සාමන්‍යෙන් ගොඩක් දෙනෙක් කරන ක්‍රියවක් තමයි මෙම කූලින් ෆෑන් භවිතා කරන එක එය භවිතා කිරිමේදී දල වශයෙන් අඩි තුනක වගෙ ටැන්කියකට 12mm fan පහක් හයක් පමන යොදා ගැනිමෙන් ජල උශ්නත්වය අඩු කරගැනිමක් කරගන්න පුලුවම්.
විශේශයෙන්ම මෙය ස්තාන ගත කිරීමේදී ජලමට්ටමට ෆෑන් එකෙන් ලැබෙන හුලන් පාර අංශක 40ක් පමන ආනතව තැබිමෙන් ජල මතුපිට එම හුලන් දාරව විසිර යෑමෙන් ජල මට්ටම ඒකාකරිව උශ්නත්වය අඩු වීමක් බලගන්න පුලුවම්.
5.Tank substract පතුලට යොදන අමුද්‍රව්‍ය
මෙය අමතක නොකරම බැරි කරුනක් විශෙශයෙන්ම ටැන්කියෙ පතුලට යොදනද්‍රව්‍ය වලින් උශ්නත්වය පාලනය කරගැනිම සර්තක ලෙස කරගන්න පුලුවම්.
විශේශයෙන් උලුකැට යෙදීම මගි සහ ගඟෙ වැල්ල සහ කබොක් ගල් ,වැලි ගල් යොදාගැනිමෙන් ටැන්කියෙ ජලයෙයි උශ්නත්වය අඩු කරගැනිමක් සිදු කර ගන්න පුලුවන්.
මෙම උලු කැට භාවිතයේදි විශෙශයෙම සැලකිය යුතු කරුනක් වන්නෙ කුඩු කරග්න්න ලද උලු කැට වල ප්‍රමානය .
ඉතමත් කුඩාව කුඩු කරගෙන වැලි හලන පෙනෙරයකින් මෙම උලු කැට හලාගෙන ඔබ යොදන ගගේ වැලි වලට යටින් මෙම උලු කැට දාන එක තමයි සර්තකම ක්‍රමය වන්නෙ.
මෙම උලු කැට වෙනුවට ඔබට චිප් ගල් යොදා ගැනිමටත් පුලුවම්.
සහ අනෙක් කරුන වන්නෙ ගඟේ ගල්
සමන්‍යෙන් අඩු උශ්නත්වයෙ සිටින ස්නේක් හෙඩ් මසුන්ගෙ ස්භාවික පරිසරය ගත් විට එහි දී බහුලව ගඟෙ ගල් තිබෙන්ව බලගන්න පුලුවම්.
ඉතිම් මෙ නිස ගඟේ ගල් යෙදීමෙන් එම සතාට අවශ්‍ය උශ්නත්වය අඩුකරගැනීම සහ ඔවුන්ට අවශ්‍ය ස්භාවික පරිසර තත්වයක්ද නිර්මාණය වේ.
6.ice cubes and frozen water bottle අයිස් කැට සහ අයිස් වතුර බෝතල්
මෙම ක්‍රමය ඇත්තටම සාර්ථක ක්‍රමයක් .අයිස් කැට පැකට් හෝ අයිස් වතුර බෝතල් බහාලන එක
නමුත් මෙහි සලකා බැලිය යුතු විශේශ කරුණක්, තියෙන්ව .
එය තම ඉතාමත් ඉක්මනින් විශාල ප්‍රමානයක උශ්නත්ව වෙනසක් සතාගෙ පරිසරයේ ඇති වීම.
ඇත්තටම එය සතාට අහිතකර විය හැකි එම නිස එය කරන විට අත්දැකිම් ඇතිඅයෙකුගෙන් අසා බලා ලැබෙන උපදෙ අනුව මෙම ක්‍රමය භාවිතකර්න්න.
7. Air condition වායු සමී කරන
ඉතාමත් සාර්තක ක්‍රමයක් වන අතර මිලෙන් අදික ක්‍ර්මයකි තමන් ගෙන් මත්ස්‍ය ටැන්කි කාමරය කුඩා වනතරමට මෙය මගින් සර්තක ප්‍රතිඵල ලභාගැනිමට පුලුවම්.
8. Chillers system
Chiller system එක ඉතාමත් සාර්ථක ක්‍රමයක් මම ඉහත සඳහන් කරපු ක්‍ර්ම අතුරෙන් ,
ටිකක් වැඩි වියදමක් යොදන්න්න අවශ්‍ය උනත් ඉතාමත් සර්ථක ප්‍රථිඵල ලභාගන්න පුලුවම් ක්‍රමයකි.
මෙහි සාමන්‍ය ක්‍රියාකාරිත්වය ගත හොත් චිලර් එක්ක සමන්‍යෙන් කැනිස්ටර් පෙරහන් ක්‍රමයක තියෙන්ව වාගෙ in put out put දෙකක් තියෙනව මෙහි වතුර ඇතුලත් වන කවුලුව හරහ වතුර පොම්පයකින් වතුර ඇතුල් කිරිම සිදු කරන්න අවශ්‍යි .
සහ වතුර ඇතුලත උශ්නත්වය අපට අවශ්‍ය පරිදි අඩු කිරිමට හැක ,
අවශ්‍ය ප්‍රමානයට එය අඩු කරල අපට පුලුවම් එහි අවුට් පුට් එක තවත් ෆිල්ටර්‍යක් හරහම අපගෙ ටැන්කියට ලභා දෙන්න පුලුවම්.
ඉතින් මෙය ඉතාමත් සාර්තක ක්‍රමයක්
මිට අමතරව ඔයලට ටැන්කියෙ තුල මෝටර් වලින් ක්‍රියා කරන උපර කරන (wave makers,power head,heaters,lights system ) අඩු කිරිමෙන් සහ drip system එකෙන්ද වතුර නිතරම මාරු වෙන නිස උශ්නත්වය අඩු කරගැනීමට හැකිවේ .
Cool water ස්නේක් හෙඩ් මසුන් හදන කීපර්ස්ලට ගොඩක් වටින මාතෘකාවක් වෙයි කියල හිතනව.
Vikum...
Comments
Post a Comment